© 2016 පිරිවෙන් ගණිත අංශයේ පුවත් පත
සියළුම හිමිකම් ඇවිරිණි





සඳ මත ටයිටේනියම් කඳු වැටි ?

සඳ මත ටයිටේනියම් කඳු වැටි ?

සඳ මත ටයිටේනියම් කඳු වැටි ?

ටයිටේනියම් නමැති ලෝහය බහුලව ඇති කදු චන්ද්‍ර‍යා මතුපිට දක්නට ලැබෙන බව පර්යේෂකයෝ කියති. මේ හෙළිදරව් කිරීම කර ඇත්තේ චීනයේ ජේඩ් රැබිට් රෝවරය විසින් සඳ මතුපිටින් ගන්නා බැසොල්ට් නමැති ගල් වර්ගයක සාම්පල පරීක්ෂා කිරීමෙනි. විද්‍යාඥයන් පවසන්නේ සඳ මත පවතින ගිනිකඳු ස්වභාවය ගැන දැන් අවධානය යොමුකර ඇති බවයි. මෙම කඳුවල  අනර්ඝතම ටයිටේනියම් ඩයෝක්සයිඩ්, යකඩ සහ මැග්නීසියම් යන ඛණිජවලින් සමන්විත ඔලිවින් නැමැති මූලද්‍රව්‍ය වල සම්මිශ්‍ර‍ණයක් ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. චන්ද්‍ර‍ ගවේෂණයට චීනය මේ රෝවරයට යවන ලද්දේ 2013 වර්ෂයේ දී ය. එම වසරේ දෙසැම්බරයේ සිට රෝවරය සඳ මතුපිට ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදී. නාසා මගින් සිදුකළ ඇපලෝ ගමන්වල දී එවන ලද චන්ද්‍රයාගේ බැසෝල්ට් සාම්පල වලට වඩා හාත්පසින් වෙනස් ස්වරූපයක් චීන ජේඩ් රැබීඩ් මගින් මගින් සොයාගත් සාම්පල වල තිබෙන බව පර්යේෂකයෝ කියති. ඇමරිකානු සහ චිනයේ ෂැන්ඩොන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් එක්ව මේ සොයා ගැනීම නේචර් කොමියුනිකේෂන් නමැති ජාත්‍යන්තර විද්‍යා සගරාවේ ප්‍රසිද්ධ කර ඇත.